Pages

Subscribe:

Ads 468x60px

Labels

රියදුරු නොමැති Google රථයක් අනතුරකට (VIDEO)


ගූගල් සමාගම විසින් අත්හදා බලමින් සිටින ස්වයංක‍්‍රීය මෝටර් රථ ආදර්ශයක් හදිසි අනතුරකට ලක්ව ඇතැයි විදෙස් වෙබ් අඩවි වාර්තා කර තිබුණා.රථයේ ගමන්ගත් ගූගල් සමාගමේ සේවකයින් තිදෙනෙකු තැලීම් හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර සුළු වේලාවකින් ප‍්‍රතිකාර ලබා පිටත්ව ගොස් ඇතැයි පැවසුනා.

අනතුර සිදුව ඇත්තේ ගූගල් මූලස්ථානය පිහිටා ඇති මවුන්ටන් විව් හිදී පසුපසින් පැමිණි වෙනත් මෝටර් රථයක් ස්වයංක‍්‍රීය රථයේ හැප්පීමෙන්. මේ අනතුර පිළිබඳව අදහස් දක්වමින් ගූගල් ස්වයංක‍්‍රීය මෝටර් රථ
වැඩසටහනේ ප‍්‍රධානි ක‍්‍රිස් අර්ම්සන් පවසා ඇත්තේ මෙය මනුෂ්‍ය වැරැද්දෙන් හා නොසැලකිලිමත් කම හේතුවෙන් සිදුවූ අනතුරක් බවයි.

ගූගල් සමාගම විසින් කැලිෆෝනියා මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත ගොණු කර ඇති පැමිණිල්ලට අනුව ස්වයංක‍්‍රීයව ධාවනය වන SUV රථය පැයට කිලෝමීටර් 15 ක වේගයෙන් තවත් රථ දෙකක් පසුපසින් ධාවනය කර ඇති අතර එම රථ මාර්ග සංඥාවක් ආසන්නයේදී නවත්වා තිබෙනවා.

එහිදී පැයට කිලෝමීටර් 17 ක වේගයෙන් පැමිණි තවත් රථයක් SUV රථයේ හප්පා ඇති අතර එහි රියදුරා තිරිංග යොදා නොමැති බව ස්වයංක‍්‍රීය රථයේ පසුපස සවි කර ඇති සංවේදක හා කැමරා මගින් අනාවරණය කරගෙන තිබෙනවා

මේ වන විට රථ ආදර්ශ 20ක් පමණ මවුන්ටන් විව් හි පරීක්‍ෂා කරමින් ඇති අතර පසුගිය සය වසර තුළ වාර්තා වූ 14 වන අනතුර මෙයයි. 



Related Posts Plugin for WordPress, Blogger...
 
Related Posts with Thumbnails